77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය පොල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී.
මේ සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, පොල් වත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, දරු දැරියන් පිරිසක් හා ප්‍රදේශවාසීන් සහභාගි විය.















