77 වන නිදහස් දිනයට සමගාමීව වැලිගම සුමංගල බාලිකා විද්‍යාලය, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය, පොල්අතුමෝදර මහා විද්‍යාලය හා මුදුගමුව හේමචන්ද්‍ර විද්‍යාලය යන විද්‍යාලයන්හි සිසු දරු දැරියන් සම්බන්ධ කර ගනිමින් පවත්වන ලද නිදහස් දින සැමරුම් වැඩසටහන 2025.02.03 වන දින වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජයන්ත මීගොඩ මහතා විසින් මේ සඳහා සම්පත් දායකත්වය සැපයූ අතර කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් දෙපළ වැඩසටහන සංවිධානය කරන ලදී.




























