අපගේ දැක්ම

රාජ්‍ය සේවාවන් උසස් ඵලදායිතාවයකින් සපුරන විශිෂ්ඨතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම.

 

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූකලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම

 

 

 

 

වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය

පිහිටීම

 වර්ෂ 1890 වන විට මාතර උප ඒජන්ත කොට්ඨාශයක් වශයෙන් නම් කරන ලද අතර එහි පාලක ඒජන්තට සහයවීම සදහා වැලිගම් කෝරලය,මොරවක් කෝරලය,ගඟබඩ පත්තුව,කන්දබඩ පත්තුව හා වැල්ලබඩ පත්තුව, වශයෙන් ආදායම් පාලක කොට්ඨාශ 5 කට බෙදාවෙන් කරන ලද අතර එම කොට්ඨාශ පාලනයට මුදලිවරුන් පත්කරන ලදි.1948 දී නිදහස ලැබීමෙන් පසුව මෙම කොට්ඨාශ 5 ආදායම් පාලක කොට්ඨාශ 11 දක්වා ප්‍රාදේශීය පාලනය පහසුව සදහා බෙදාවෙන් කරන ලදි.එම අවස්ථාවේදී වැලිගම් කෝරලය උතුර,දකුණ හා බටහිර යනුවෙන් කොට්ඨාශ 3 කට වෙන්වූ අතර වැලිගම කෝරලයේ බටහිර යනුවෙන් වැලිගම උපදිසාපති කොට්ඨාශය හදුන්වන ලදි.එම උපදිසාපති කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 32 කින් සමන්විත වූ අතර ප්‍රාදේශීය පරිපාලනය වඩාත් පහසුකිරීම උදෙසා ග්‍රාම නිලධාරී වසම් 86 දක්වා ව්‍යාප්ත කරන ලදි.1992 වර්ෂයේ දී ඉන් ග්‍රාම නිලධාරී වසම් 48ක් ඇතුලත්ව වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇතිවිය.

 

මාතර දිස්ත්‍රික්කයේ බටහිර කොටසෙහි පිහිටි වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මනස්කාන්ත මුහුදු තීරයකින් ද වැලිගම බොක්ක නම් වූ ස්වභාවික වරායකින්ද ධීවර වරායකින්ද නගරය තුලින් ගලාබස්නා පොල්අතුමෝදර ගඟ හා ජල මූලාශ්‍ර පද්ධතියකින් හෙබි ග්‍රාමීය හා නාගරික ජන කොටස් වලින් යුක්ත ප්‍රදේශයකි. කොට්ඨාශයේ භූමි වපසරිය හෙක්ටයාර් 4400කින් යුක්ත වන අතර මාතර කොළඹ ප්‍රධාන මාර්ගය හා දුම්රිය මාර්ගයද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා වැටී ඇත.ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනගණත්වය වර්ග කි.මී.1634කි.

ග්‍රාම නිලධාරී වසම් 48 කින් යුත් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දකුණු පසින් ගොවියාපාන පාලමේ සිට කඹුරුගමුව දක්වා වූ වර්ග කිලෝමීටර 18ක් පමණ වූ මුහුදු තීරයෙන් ද උතුරින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හා අකුරැස්ස ආසනයෙන්ද නැගෙනහිරින් මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද බස්නාහිරින් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද මායිම්ව පිහිටා ඇත.

 

ඵෙතිහාසික පසුබිම

වසර 2003 ක පමණ ලේඛණ ඉතිහාසයකට නෑකම් කියන ජනාවාසයක් ලෙස වැලිගම හැඳින්විය හැක.ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ දේවානම්පියතිස්ස නිරිඳුගේ රාජ්‍ය සමයේ දෙතිස්ඵලරුක බෝධියක් වැලිගම රෝපණය කරවූ බව බෝධි වංශයේ සඳහන් පුවත අනුව මෙය එවකට ජනාවාසයක්ව පැවති බව අපට කියාපායි.විජයාවතරණයට පෙර හෝ සමගාමී කාල සමයක ආර්ය ගමනයක් වැලිගම තොටුපක ආශ්‍රයෙන් සිදවන්නට ඇතැයි ඉතිහාසඥයෝ පවසති. බෝධිරෝපණයට පෙර 4 වෙනි ශතවර්ෂයේ සමුදුරාසන්න ජනාවාසයක පොල්වතු පෙලට සිටුවා තිබූ බව මෙගස්තිනිස් නම් දේශාටකයා පවසන අතර ක්‍රිස්තු පූර්ව යුග වලදී ද වැලිගම පොල් වගාව පැවති බව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමි ලේඛණගත කර ඇත.මෙගස්තිනිස් දුටුවේ වැලිගම ජනාවාසයේ පොල්වතු විය යුතු බව නිසැකය.

වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  -  මූලික තොරතුරු

  • පළාත -           දකුණ
  • දිස්ත්‍රික්කය -           මාතර
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය -           වැලිගම
  • ප්‍රාදේශීය සභාව -           වැලිගම
  • පොලිස් බල ප්‍රදේශය -           වැලිගම, මාතර
  • කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය -           වැලිගම
  • කලාප අධ්‍යාපන කාර්යාලය -           මාතර
  • මැතිවරණ කොට්ඨාශය -           වැලිගම
  • ගොවිජන කේන්ද්‍රය -           මිරිස්ස
  • සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශය                                                      -           වැලිගම
  • උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර් කොට්ඨාශ -         මූදුගමුව,     මිදිගම,කොටවිල, පැලෑන,මිරිස්ස,  තල්අරඹ, වැලිගම
  • සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය -           25.7 C
  • වාර්ෂික වර්ෂාපතනය -           මි.මි.1800
  • ග්‍රාම නිලධාරී කොට්ඨාශ ගණන -           48
  • ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාම නිලධාරීකොට්ඨාශ ගණන -           35
  • නගර සභාවට අයත් කොට්ඨාශ ගණන -           13
  • සමෘද්ධි කලාප ගණන -           04                               
  • අධිකරණය -           මාතර
  • දිස්ත්‍රික් රෝහල් -           01
  • ග්‍රාමීය රෝහල් -           03
  • මධ්‍යම බෙහෙත් ශාලා                                                             -           02
  • පශු වෛද්‍ය නිලධාරී කොට්ඨාශය -           වැලිගම

 

 මේ දක්වා සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු

නම සේවා කාලය
රණදේව ප්‍රනාන්දු මහතා  
අන්දුාහැන්නදි මහතා  
පිලපිටිය මහතා  
වර්ණකුලසූරිය මහතා  
රූපසිරි වැල්ලගේ මහතා  
ඒ.සමරසිංහ මහතා  
කේ.ඩී.ආර්.එන්.විජේසිංහ මහතා  
ආර්.ඩී.ඩී. ප්‍රැන්සිස්කෝ මහතා 1990 ජනවාරි සට දෙසැම්බර්
කේ.ඩී.එන්.ආර්.අශෝක මහතා 1991 ජනවාරි සිට 1991 ඔක්තොබර්
ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මිය 1991 නොවැම්බර් සිට 1992 දෙසැම්බර්
ජී.එස්.එදිරිවීර මහතා 1993 ජනවාරි සිට 1994 සැප්තැම්බර්
ජබ්.කේ.කේ. අතුකෝරළ මහත්මිය 1994 ඔක්තොබර් සිට 2002 පෙබරවාරි
සී.මුදලිගේ මහතා 2002 මාර්තු සිට 2003 සැප්තැම්බර්
ජී.ඩී.කේ. තිලතරත්න 2004 ජුනි සිට 2005 පෙබරවාරි
ඒ.ඩබ්.සරත් මහතා 2005 මාර්තු සිට 2009 මැයි
ඊ.ඒ.සී. විදානගමාච්චි මහතා 2009 ජුනි 2012 සැප්තැම්බර්
එම්. ලියනආරච්චි මහත්මිය 2012 සැප්තැම්බර්  2015 සැප්තැම්බර්
කේ.පී.ජී. සුමිත් ශාන්ත මහතා 2015 සැප්තැම්බර් සිට මේ දක්වා

 

වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

optimized picture1

වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සිතියම

weligama gn

Scroll To Top